IP

Friday, December 23, 2011

Nokia ෆෝන් එකේ software අවුල්ද මෙන්න විසදුම....

         ඔන්න නිවාඩුකාලෙ වැදගත් පෝස්ට් එකක් අරන් ආවා. මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනත් වෙයි කියල හිතෙනවා. මට නම් අද්දැකීමෙන්ම මේක ප්‍රෙයෝජනවත් වුනා. ඒ කොහෙමද කියලත් කියන්නම්කො.. මගේ තියෙන්නේ nokia 6300 ෆොන් එකක් එකේ theme වැඩ නැතුව මාර පිස්සුවක් කෙලියා ඉතින් මම කඩේට අරන්ගියා.. ඊට පස්සෙ කඩේ අයියා කිවුවා ඕකේ software දාන්න ඕන කියල.. මම ඉතින් නිකමට වගේ ගාන අහල බැලුවා.... බුදු අම්මෝ රැ.500 ක් 600 ක් යයි කිවුවා. :o :o මම ඩිම් වෙලා අයියෙ පස්සෙ එන්නම් කියල ගෙදර ආවා.  ඊට පස්සේ තමයි මම පොඩ්ඩක් නෙට් එකේ හොයල බැලුවේ.... අදහගන්නත් බැ නියම භාන්ඩයක් හම්බ වුනා. ඒ තමයි nokia software updater කියල software එකක් ඒකෙන් අපට ඔන්ලයින් update කර ගන්න පුලුවන් එතකොට ඔය තියෙන පොඩි පොඩි ලෙඩ වගේම ලොකු ලොකු ලෙඩත් නැතිවෙනවා (හැබැයි software ලෙඩ විතරයි) 
හරි දැන් කියෙව්වා ඇති පහල ලින්ක් එකේ කොටල software එක බා ගන්නකෝ...
වැඩිය නෑ 47 MB ද කොහෙද තියෙන්නෙ.. :D



      හරි දැන් කට්ටියම බා ගන්න ඇති කියලා හිතනවා. දැන් ඔක සාමාන්‍ය ආකාරයට install කර ගන්න
 (මෙය  install කිරීමට අන්තර්ජාලය අවශ්‍ය නොවන අතර මද වේලාවක් ඉවසල ඉන්න)
install වෙලා ඉවර වුණාට පස්සේ restart කරන්න කියල කියයි ඊට පස්සේ restart කරලම වැඩේ පටන් ගමු.
හරි දැන් ඔන් වුන ගමන් software එක open වෙයි එය close කර දමන්න.  software එක open කරන්න කලින් අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටිය යුතුයි. තවද software update කරන්න තියෙන phone එකද data cable එක මගින් පරිගනකයට සම්බන්ධ කළ යුතුය. මෙහිදී phone එකේ nokia mode තෝරා ගැනීම වැදගත්ය. තවද phone එක පරිගණකයට නිසි පරිදි සම්බන්ද වී ඇති දැයිද සැලකිලිමත් වන්න. ඉන්පසු shortcut එකෙන් හරි ඔන විදිහකට software එක open කර ගන්න.
open කර ගත් විට පහත window ව  දිස්වේ..

 මෙහිදී ඔබ Internet සබදතාව සක්‍රීය කර ඇත්නම් ස්වයංක්‍රීයව ඉදිරි පියවර සදහා ක්‍රියාත්මක වෙයි.


නිවැරදිව phone එක සම්බන්ධ කර නැතිනම් පහල picture එකේ පරිදි මැසේජ් එකක් එයි. එවිට ඔබ නිවැරදව phone එක සවිකර Retry කරන්න.  


          හරි ආකාරයට phone එක පරිගණකයට සම්බන්ධව , අන්තර්ජාල සම්බන්ධතාවද සක්‍රීයව ඇත්නම් මෙය දිගටම ක්‍රියාත්මක වේ. පසුව මෙවැනි Window වක් ලැබේ.



 මෙය නම්  මගේ phone එකට අනුව සකසී තිබෙන්නේ. :D 

 මෙය ඔබේ phone එකට අනුව මෙය සැකසී තිබිය යුතුය.
දැන් ඔබ Reinstall කියන බොත්තම click කිරීමෙන් ඔබගේ දුරකතනයේ softwere update කර ගත හැක.
පසුව phone එක on off වෙයි ගනන් ගන්න එපා. Update successful කිවුවට පස්සේ වැඩේ ඉවරයි.
 ටික වෙලාවක් යයි. අහ්.. බැටරිය charge ‍කොරල ගන්න මගදි බැටරි බැස්සොත් වැඩේ අහුටා ගහනවා.

 (සැලකිය යුතුයි:- මෙය කිරීමට පෙර ඔබගේ දුරකතනයේ බැටරිය හොදීන් charge කර ගන්න. Charger එකට සම්බන්ධ කර මෙය සිදුකරනවනම් වඩා සුදුසුයි. තවද යම් හෙයකින් phone එක හා computer එක අතරසම්බන්ධතාව ඇනහිටියහොත් එය ඔබේ දුරකතනයට බලපෑමට ඉඩ ඇත. තවත් කරැණක් නම් ඔබ update කර පසු ඔබේ දුරකතනයට ඔබ ඇතුලත් කරනු ලැබු සියලු දන්න මැකි යයි Eg :- contacts, applications, sms )

බයවෙන්න එපා ඕක කරන්න මම අද්දැකීමෙන්ම කියන්නේ ඔක මටත් ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
ඒකයි ඔයාලට කියන්න හිතුනේ. මොකටද කඩවල් වලට සල්ලි වියදම් කරන්නේ නේද? :P
ලිපිය හොදයි කියල හිතෙනවනම්....වැඩේ ගොඩ ගියානම්..... ගැටලුවක් ඇත්නම්.... 
comment එකක් දාන්න අමතක කරන්න එපා.. සුබ දවසක්..... ඔක්කොටම.. නැවත හමුවෙමු.



2 comments:

  1. මේක මං ගොඩක් කල් ඉඳල හොයා හොයා උන්නේ නියමයි. samsung ෆෝන් වලටත් මේ වගේ ගේම දෙන්න පුළුවන් software එකක් හම්බුනොත් දාන්න හොඳේ!!! තැන්කු වේවා..

    ReplyDelete
  2. හරි හම්බවුණොත් දාන්නම්..... වෙල්කම් & තැන්ක්ස්..වැඩේ හරි ගියාද?

    ReplyDelete

නිකංම යන්න එපා කමන්ට් එකකුත් දාලා යන්න ඔයාලගේ අදහස් මට ලොකු හයියක්.