IP

Sunday, December 4, 2011

Web cam එකෙන් සුපිරි වැඩ ටිකක්


           න්න ඉතින් යාලුවනේ විභාග එහෙම ඉවර වෙලා නිදහසේ ඉන්න ගමන් පොස්ට් එකක් දාන්න හිතුනා..
මෙන්න මේකයි ‍පොයින්ට් එක වෙබ් කැම් එකෙන් පොඩි වැඩ කෑලි ටිකක් දාන්න  කියල දෙන්න යන්නේ....... ඇත්තටම කියනවනම් මමත් මේ ටික හොයා ගත්තේ බොහොම අමාරැවෙන් .. අන්න ඒ නිසා මම ඒක ඔයාලට කියන්න හිතුවා ...... මම හිතනවා ගොඩක් අය ගාව වෙබ් කැම් ඇති කියලා......ඒ වගේම මේ ගැන දන්න අයත් ඇති මම මෙක කියන්නේ නොදන්න අයට ... :D

1.   වෙබ් කැම් එකෙන්  Mouse pointer එක පාලනය කරමු (මුහුණෙන් Mouse එකේ වැඩ ටික කරමු)

අපි පළමු වැඩේට බහිමු ඔබට වෙබ් කැම්  එකක් (සාමාන්‍ය) අවශ්‍ය වේ. මෙකෙන් සිදුවනනේ අපේ මුහුණේ තිබෙන වර්ණ කේත මෘදුකාංගය මගින් ලබා ගෙන මුහුණේ චලනයන් අනුව Mouse pointer එහා මෙහා යන අතර Right click , Left click , Drop වැනි ක්‍රියාවන්ද මුහුණ මගින්ම හසුරවා ගත හැක. ඉස්සර්ලම සොෆ්ට්වෙර් එක බා ගන්නකෝ...........
දැන් කට්ටියම බා ගන්න ඇති කියල හිතනවා.. දැන් ඒ ‍ සොෆ්ට්වෙර් එක සාමාන්‍ය පරිදි ඉන්ස්ටෝල් කර රන් කරන්න මෙන්න මේ විදිහට ආවද?
      
      මෙම මෘදුකාංගයේ අපිට අවශ්‍ය පරිදි සකසුම් සකස් කිරීමේ හැකියාව ඇත මෙහිදී Right click කරන්නේ කෙ‍ෙස්ද උදාහරණයක් ලෙස ඇස් ගැසීමෙන් එය සිදු වන පරිදි සැකසුම් සකසා ගත හැක. මේ ආකාරයෙන් ඉහත කී සියල්ල විවිධ ඉරියවු වලින් සිදු කර ගැනීමට හැකියාව ඇත. මෙහි සැකසුම් සකස් කිරීමට එම මෘදුකාංගයේ දක්ක්‍නට ඇති මෙම  බොත්තම(දකුණු පස කෙළවරේ ඇත) click කරන්න  එවිට පහත වින්ඩෝව දිස්වේ.

    මෙමගින් ඔබට මුහුණ් ඉරියව් වලට සරිලන ලෙස එම කාර්යන් සකස් කර ගත හැක. සියලු සැකසුම් ලබා දුන් පසු OK මත click කරන්න . ඉන් පසු තව සැකසුමක් සකස් කර ගත යුතුය එනම් මෘදුකාගය මගින් ඔබ් මුහුණ හදුනා ගන්නේ කෙසේද කුමන පාරාසයකද යන්නයි එයට මෙම බොත්තම (දකුණු පස කෙළවරේ ඇත) මත click කරන්න එවිට මෙම වින්ඩෝව ලැබේ.



මෙහිදීද අදාල සැකසුම් ලබා දී OK බොත්තම click කරන්න
දැන් සියලු සැකසුම් සකස් කර අවසානයි දැන් කරන්නට තිබෙන්නේ අපගේ මුහුණ මෘදුකාංගයට හදුන්වා දීමයි එය මසේ කළ  හැකියි.  Main window එකේ ඇති කැමරා මුහුණතට අපේ මුහුණ හදුන්වා දිය යුතුය එය ඔබ විසින්ම කළ යුතුය. මෘදුකාංගයට අවශ්‍ය පරිදී ඔබේ මුහුණ ස්ථානගතව පිහිටයි නම් පමණක් කොළ පාට කොටුවක් වැටී   
Face not found   වෙනුවට  Correct position  යන්න ඇඩ් වී උඩින් පොඩි bar එකක් ඇවිත් කොල පාට්න් fill වේ මෙය අවසාන වීමත් සමග ඔබේ මුහුණ හදුනා ගනී. (කැම් එකට මදක් ලං වු විට හදුනාගැනීම පහසු වෙයි ) ....
මුහුණ හදුනා ගත් පසු මෘදුකාංගය දකුණු පස කෙළවරේ දිස් වේ.
දැන් ඔබේ මුහුණ ඒ මෙ අත හරවා බලන්න ඇහැක් ගහල කට ඇරල (ඔයාල සැකසුම් සකස් කළ විදිහට) බලන්න මොකද වන්නෙ කියල 
(කරන දෙයක් කැම් එක ඉස්සරහා හරිද, තව එකක් හැකි තරම් අපි අර හදුන්වාදීපු ස්ථානයේම මුහුන තබා ගන්න)
....... නියමෙට mouse එක වැඩ නේද ආසයි නේ ......  
      -----------මෙන්න තව softwere කෑල්ලක් තියෙනවා මේ වැඩේ කරගන්න මේකෙන් කෙරෙන්නේ අපේ අත මගින් මවුස් එක පාලනය කිරීම මේකත් හරි ජොලි වැඩේ. හැබැයි මෙකනම් windows 7 වලට විතරයි වැඩ දාගෙනම බලන්නකෝ නියමයි. ------- click--- download the softwere

     2. අතින් වැඩ කරන්න පුලුවන් වෙබ් කැම් Game එකක්

     මෙන්න මෙකයි සිද්දිය අපි සාමානයයෙන් ගේම් ගහන්නේ keyboard mouse පාවිච්චි කරලනේ මෙකෙදී පාවිච්චි කරන්නේ අපේ අත් දෙක.  මෙම ගේම් එකේදී අපට භෟතික වශයෙන් සිදු කර නොහැකි වුවත් එ පරිදිම play කර හැක. මෙය විනොද ජනක ක්‍රීඩාවකි. (මට) හරි කත‍ා ඔනෙ නෑ ‍ෙමන් බඩු බා ගෙන් ඉස්ටෝල් කර ගන්න.......
ඊට පස්සේ  ඕපන් කරලා ලැබෙන වි‍න්ඩෝවෙ  menu bar එකේ game තුල ඇති VMFandD.dll හෝ VMSort.dll යන දෙකෙන් එකක් මත ටික් මාක් එක යෙදීමෙන් එක ගේම් එකක් ලබා ගත හැකි අතර අනික මත click කිරීමෙන් අනික් ගේම් එක ලබා ගත හැක. VMSort.dll මේම නම් මරැ....... වලුලු අල්ලන්න තියෙන්නේ.....

ඔන්න ඉතින් දැන්නම් අතත් රිදෙනවා වැඩ ටික නම් ඉවරයි. මම හිතනවා මම කියපු ටික ඔයාලට තේරෙන්න ඇති කියල. වචන වල පොඩි පොඩි වැරදීම් ඇති ඒව ගනන් ගන්න එපා‍. මෙක වැඩකට ඇති වැඩක්ද කියල සමහරැන්ට හිතෙනවා ඇති එත් දන්නැති අයට යමක් දැනගන්න මේක දැම්මෙ...   
----බලලා නිකන්ම යන්න එපා like එකක් comment එකක් දාලම යන්න----

1 comment:

නිකංම යන්න එපා කමන්ට් එකකුත් දාලා යන්න ඔයාලගේ අදහස් මට ලොකු හයියක්.